
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් හා සහකාර සංවිධායකවරු දෙදෙනෙක් පත්කරනු ලැබ සිටිති.
ඒ අනුව ආණ්ඩු පක්‍ෂ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ද සහකාර සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර සහ මොහොමඞ් මුසම්මිල් මහත්වරුන් ද පත්කර ඇත.
මෙම සංවිධායකවරුන් සිව්දෙනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් 21 වැනිදා සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.
මෙම තනතුරු සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී ඇත.

