(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සමඟ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
දැදුරු ඔය ජලාශයෙ වාන් දොරටු පසුගිය 26 රාත්‍රියේ විවෘත කිරීමත් සමග එයින් ගලා ආ තප්පරයට ජල ඝණ අඩි 48000 ක දැවැන්ත ජල කද දැදුරු ඔය මතින් ගලා ඒම සිදුවිමත් සමග මෙලෙස පල්ලම ප්‍රදේශයෙන් මෙලෙස ජලයෙන් මාර්ගය යටවිනි.
මෙම මාර්ගය ජලයෙන් යටවිමත් සමග පල්ලම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවු බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි .හේරත් මහතා පවසා සිටියේ මෙම තත්වය මත පල්ලම ප්‍රදේශයෙන් ගමන් කිරීමේදී වාහන රියදුරන් නිසි අවධානය යොමු කළ යුතු බවයි.