ආගමික ස්ථාන මේ වසරට පෙර හිරුගෙන් එළිය කරයි


(අංජුල මහික වීරරත්න)

ආගමික ස්ථාන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබ‍ා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ මෙම වසර අවසන් වන විට  අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථාන වල සූර්ය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව  බිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ශ්‍රී පාදස්ථානයේ උඩමළුව හැර මාවත් සහ සෙසු  ස්ථාන සඳහා සුර්යය බලය මඟින් විදුලිය ලබාදීමට ක්‍රමවේදයක් සකසන බවත්, කතරගම පුජාභූමිය වැනි පුජා ස්ථාන සඳහා ද මෙම ව්‍යාපෘතියෙන් විදුලිය සැපයීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.