(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශ්‍රාවස්තිපුර නාග විහාරය ඉදිරිපිට වෙල්යායක දමා ගොස් තිබූ ගිනි අවි කොටස් සහ පතුරොම් රැසක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
සොයා ගත් ගිනි අවි අතර බෝර 12 තුවක්කුවක මැෂින් කොටසක්, 84-එස් වර්ගයේ හිස් පතුරොම් ගැබි 1ක්, 84 - එස් අවියේ ජීව පතුරොම් 33ක්, රබර් උණ්ඩයක්, ජී.පී.එම්. 6 ගිනි අවි සඳහා භාවිත කරන ජීව පතුරොම් 15 ක්, ටී- 56 පතුරොමක් සහ කුඩා ඊයම් බෝලයක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
අනුරාධපුර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා ලද තොරතුරක් මත ඊයේ (29) පොලිසිය මෙම ගිනි අවි සොයා ගෙන තිබුණි.
අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

