අ’පුර පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක භූමියේ අනවසර ඉදිකිරීමක්


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති භූමියක කාන්තාවක් විසින් අත්තිවාරම කපා එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටින ආකාරය එම ප්‍රදේශයේ අද (09) කළ සංචාරයකදී දක්නට ලැබුණි.

අනුරාධපුර පූජා නගරයේ සංඝමිත්තා මාවත ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක භූමියේ දකුණු පස පුරාණ නගර බැම්ම කපා දමා ඒ මත මෙම කාන්තාව විසින් අත්තිවාරම කපා ස්ථිර ගොඩනැගිලලක් ඉදිකරමින් සිටිති.

මෙම ඉදිකිරීමේ හේතුවෙන් පුරාණ නගර බැම්මට දැඩි හානි සිදුවි ඇත.

පුරාවිද්‍යාත්මකව වටිනාකමක් ඇති මෙම ස්ථානයේ කාන්තාවක විසින්  මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු විමතියට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ පියතිලක බණ්ඩා මහතා ගෙන් කඵ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇති බවයි.