අ‘පුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්


(උපාලි ආනන්ද)

ජනපති පොදු සමාවට මුවා වී අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සැකකරුවකුට අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ලබන 13 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියම කළේය.