(ජයන්ත සමරකෝන්)
පුරප්පාඩුවේ තිබූ අළුගෝසු තනතුරු දෙක සඳහා දෙදෙනෙකු මේ වනවිට කැඳවාගෙන ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ඔවුන් දෙදෙනාට සති 2ක මූලික පුහුණුවක් ලබාදී ඇති අතර, ඕනෑම මොහොතක එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවසන් වටයට තේරුණු අයදුම්කරුවන් 26 දෙනෙකුගේ නාමලේඛනය සහිත ලකුණු සංඛ්‍යාව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් සුදුසු දෙදෙනෙකු තෝරාගෙන ඇතැයිද පැවසේ.
තෝරාගත් දෙදෙනාට මේ වනවිට සති 2ක මූලික පුහුණුවක් ලබාදී වෛද්‍ය පරීක්ෂණයකට පවා භාජනය කර ඇතැයි දැනගන්නට තිබේ.
අලුතින් බඳවාගන්නා දෙදෙනාගේ අනන්‍යතාවය කිසිඳු මාධ්‍යයකට හෙළි නොකිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇතැයිද සඳහන්ය.

