අස්වැසුමට දිගු පෝලිම්


(රංජිත් රාජපක්ෂ)

නව රජය යටතේ අස්වැසුම් දෙවන අදිරයේ අයදුම්පත් ලබා ගැනිමට සදහා නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටි විශාල පිරිසක් අද (02) රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි.

සති අන්ත නිවාඩුවෙන් පසු (02) දින කාර්යාල විවෘත කිරිමත් සමග විශාල පිරිසක් එකවරම මෙසේ පැමිණ ඇති බවත්, අයදුම්පත් නිකුත් කිරිම සදහා ඉකුත් මස (29) දින අංක ලබා දි ඇති නමුත් එය නොතකා විශාල පිරිසක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින බවයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල අයදුම්පත් ලබා ගැනිමට විශාල පිරිසක් රැස්විම හේතුවෙන් එම කාර්යාලයෙන් අනෙකුත් සේවාවන් සිදු කර ගැනිමට පැමිණ සිටි අනෙකුත් සේවාලාභින් දැඩි අසිරුතාවයට පත්ව සිටිහ.