අසර්බයිජානයේදී මියගිය සිසුවියන්ගේ දේහයන් අද සවස ලංකාවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අසර්බයිජානයේදී මියගිය සිසුවියන් තිදෙනාගේ මළ සිරුර අද (14) සවස රැගෙන ඒමට නියමිතය.

කටාර් හි ගුවන් තොටුපලේ සිට විශේෂ ගුවන් යානයකින් දේහයන් මෙරටට රැගෙන බව සිද්ධියෙන් මියගිය එකම පවුලේ සොයුරියන් දෙදෙනාගේ පියා වන නිශාන් සංජීව මහතා පැවසීය.

පිලියන්දල , බෝකුන්දර , මහවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මල්ශා සංදීපනී හා ඇයගේ නැගනිය වන 21 හැවිරිදි තාරුකි අමායා මෙන්ම කඩුවෙල පහළ බෝමිරිය පදිංචි 24 හැවිරිදි අමෝද්‍යා මධුහංසි මෙලෙස විෂ දුම ආග්‍රාහණය වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

මළ සිරුරු මෙරටට රැගෙන ඒමෙන් පසු හෝමාගම දියගම සමුපාකාර මල් ශාලාවට රැගෙන ගොස් අනෙකුත් කටයුතු සිදු කිරීමට නියමිත අතර අවසන් කටයුතු සිදුකරන දිනය තීරණය කරනු ලබන්නේ මල් ශාලාවෙන් ලබාදෙන උපදෙස් අනුව බව නිශාන් සංජීව මහතා පැවසීය.

මළ සිරුර මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අවමංගල්‍ය කටයුතු සඳහා තිලංග සුමතිපාල මහතා සහාය දැක්වීමට ඉදිරිපත් වූ බවත් මල්ශාලාවක් ලබාදෙන ආකාරයට අවසන් කටයුතු පිලියන්දල වෑවල පොදු සුසාන භූමියේ දී සිදුකරන බවත් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.