අවුරුදු සතියේ සතොසේ මල්ල පිරේ


(විනීතා එම් ගමගේ)

අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසල්වලින් රුපියල් කෝටි 275ක වාර්තා ගත ආදායමක් උපයා ඇතැයි  සතොස ආයතනය කියයි.

අප්‍රේල්  පළමුවැනි දා සිට 13 වැනි දා දක්වා කාලය තුළ මෙම ආදායම් ලැබී ඇත.

පෙර වසරවලට වඩා මෙම වසරේ  ආදායම ඉහළ ගොස් ඇති බවත්  භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායිකරණ වැඩසටහන හා සතෝස සහන මල්ල ව්‍යාපෘතිය මීට බෙහෙවින්  ඉහල්වී ඇතැයි සතොස ප්‍රකාශකයෙක් කීය.