(කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණ සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ එක් අයෙකු අවිස්සාවේල්ල මූලික රෝහලට අද (26) දින සවස ඇතුලත් කල බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරැදු 32 ක පුද්ගලයෙකි
අදාල වෙඩි තැබීම සදහා පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියෙහි පැමිණ ඇති බවත් වෙඩි ශබ්ද පහක් පමණ ඇසුන බව ප්‍රදේශවාසීන් පැවසුවද කිසිදු උණ්ඩ කොපුවක් අදාල ස්ථානයෙන් සොයා ගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි
සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වයි

