(යොහාන් භාසුර)
රට තුළ මේ වන විට පවතින අධික උණුසුම් කාලගුණ තත්වය තව දුරටත් ඉහළ යා හැකි නිසා අද (28) සිට අනිද්දා (1) යන දිනවල පාසල් දරුවන් එළිමහනේ රැදී සිටීමෙන් වැළකිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කිසිඳු පාසල් සිසු දරුවෙක් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් පුහුණු කටයුතුවල හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල හෝ යෙදවීමෙන් වළකියන ලෙස ද එම නිවේදනයෙන් උපදෙස් දී තිබේ.

