අවමඟුලට ගිය 48කට කොරෝනා


(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ 48දෙනකුට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

හෙරගස්කැලේ, මැන්ඩෝරාවත්ත, එරියකන්ද යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් වාර්තා වු බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

අවමංගල්‍ය කටයුතු සිදුවු නිවසේ කාන්තාවකට අවසන් කටයුතු සිදුකළ දිනට පසුදින එනම් ජූලි 11 වන ඉරිදා දින කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

ඒ අනුව අවමඟුල සඳහා සහභාගී වු පිරිස සොයා ජූලි 18 වන දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 140කින් මෙම පිරිස ආසාදිත බවට හඳුනාගෙන ඇත.

මේ වන විට නිවාස 28ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති අතර, අවමඟුලට මෙම ගම්මානයට පිටතින් පැමිණි පුද්ගලයින් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.