(ඉන්දිකා රාමනායක)
අලෙවි කර මුදල් ලබා දෙන බව පවසා වාහන හිමිකරුවන් තිදෙනකුගෙන් රුපියල් ලක්ෂ 860 ක වාහන තුනක් ලබාගෙන වංචා කළ සැකකරුවෙක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 450 ක ජිප් රථයක්, අතුරුගිරිය ප්‍රදේශයෙන් ලක්ෂ 225 කැබ් රථයක් හා ජා ඇල ප්‍රදේශ 185 වශයෙන් වටිනා මෝටර් රථයක් මෙලෙස ලබාගෙන වංචා කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි (43) හැවිරිදි පුද්ගලයෙකි.

