
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (12) අක්තපත්‍ර බාර දුන්හ.
තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මහතා සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහකොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මහතා ජනාධිපතිවරයාට අක්තපත්‍ර බාර දුන්හ.

