අලුත් අවුරුද්දට හාල් ලාබෙට


(අංජුල මහික වීරරත්න)

අලුත් අවුරුදු සමයේ සුදු සහ රතු කැකුළු රුපියල් 95 ටත් නාඩු සහල් රුපියල් 93ටත් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.

ලබන අප්‍රේල් පළමුවැනිදා සිට සියලු සුපිරි වෙළදසැල් ,සතොස සහ සමුපකාර වෙළදසැල් මෙම මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට එකඟතාවය පළ කළ බවද අලුත්ගමගේ මහතා කීය.

සතොස සභාපති,සමුපකාර කොමසාරිස් ,හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කළ අතර අදාල මිලට හාල් විකිණීමට ඔවුන් එකඟතාවය කළ බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.