(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය. නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී අලි සබ්රි රහීම් මහතා ඊයේ රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වඩිවේල් සුරේෂ් , ඒ.එච්.එම් ෆවුසි සහ කුමාර වෙල්ගම මහත්වරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා ලබාදීම විශේෂත්වයක් විය.

