අලි වැට රකින්න 3451ක බලකායක්


(අංජුල මහික වීරරත්න)

විදුලි වැට නඩත්තු  බහුකාර්ය සංවර්ධන වනජිවී සහකරුවෝ 3451ක් අද ස්ථිර පත්වීම් ලැබූහ.

මොවුන් පත්වීම් ලැබූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තු සහකාර (තුන්වන) iii වන ශ්‍රේණියට බදවා ගැනීම යටතේය.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවය අද(13) පැවැත්විණි.

බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් බදවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බදවා ගත් පිරිසෙන් දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන  අභ්‍යාසලාභීන් 3451ක පිරිසකට මෙලෙස විදුලි වැට නඩත්තු සේවකයින් ලෙස ස්ථිර පත්වීම් හිමි විය.

අලි මිනිස් ගැටුම කළමනාකරණය වෙනුවෙන් වර්තමාන රජය සුවිශේෂී දායකත්වයක් සහ මැදිහත්වීමක් සිදු කරන අතර මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර තිබෙන බවති එය කිලෝමීටර් 5644ක් පුරා විහිදී පවතින අතර විදුලි වැට බලගැන්වීමේ කුටි 647ක් ක්‍රියාත්මක බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතා පැවසීය.