අල්ලස් ගත් සීවලී විදුහලේ විදුහල්පති රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

බණ්ඩාරවෙලා සීවලී මහා විද්‍යාලයේ පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා වැලි කියුබ් එකක් සහ සිමෙන්ති කොට්ට දහයක් ඉල්ලා රුපියල් දහ අටදාස් පන්සියයක මුදලක් පාසල අසල හාඩ්ව්යාර් එකට බැර කරවාගත් සැකකාර විදුහල්පතිවරයා ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා  ලක්මාලි මහත්මිය අද (20)නියෝග කළාය.

සැකකාර විදුහල්පතිවරයා 2025 වසර සඳහා දරුවකු ඇතුලත් කර ගැනීමට දරුවාගේ දෙමාපියන්ගෙන් මෙම අල්ලස් මුදල් ඉල්ලා සිමෙන්ති කොට්ට දහයක මුදල අසල වෙළඳසැලකට ලබා දෙන ලෙසට දන්වා ඇති බවත්,එසේ මුදල් හාඩ්වෙයාර් එකට ලබාදීමෙන් පසු දුරකථන ඇමතිතුමක් ලබා දුන් දෙමාපියන්ට උප්පැන්න සහතික ද රැගෙන එන ලෙසට දන්වා ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.