(නිමන්ති රණසිංහ)
අස්ථානගතවූ විදුලි ජනක යන්ත‍්‍රයක් සොයා දීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යැයි පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පනස් දහසක අල්ලස් ඉල්ලා ලබා ගත් බව කියන විල්ගමුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (23) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ විල්ගමුව පොලිස් ස්ථානයට අනියුක්තව හදුන්ගමුව පොලිස් මුරපොලේ සේවය කළ අංක 2230, දේවගිරිය පදිංචි අම්පාවිල එඬේරිගේ මහින්ද රණතුංග නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ විජේරාම මාවත, කොළඹ 07 පදිංචි වී. එම්. රෝහණ කුමාර නැමැති ව්‍යාපාරිකයෙකි.

