අල්ලස් ගත් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම්


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් රියදුරු   බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10000 අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉත්තෑපාන පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් එලෙස වැඩ තහනම්  කර ඇත.