අල්ලස් ඉල්ලූ කොළඹ වරායේ දෙදෙනෙකුගේ වැඩ තහනම්


(යොහාන් භාසුර)

කොළඹ වරායේ භාණ්ඩ නිශ්කාසනය  සදහා පැමිණි වාප්පු ලිපිකරුවකුගෙන් භාණ්ඩ පැටවීම සදහා අමතර රුපියල් 35,000 ක අල්ලසක් ඉල්ලූ වරාය අධිකාරියේ කම්කරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව එම අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම දෙදෙනාගෙන් එක සේවකයෙක් වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වරාය වෘත්තීය සමිතියේ අංශ නියෝජිතයකු බව පැවසෙන අතර මෙම සිද්ධියට සම්බන්ත තවත් කිහිප දෙනෙකු ස්ථාන මාරු කර ඇති බව ද දැනගන්නට තිබේ.