(රෝෂන් තුෂාර)
රජයේ වාහනයක් අලුත් වැඩියා කිරීමට වැය වන මුදලින් සියයට දහයක අල්ලසක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ ඕමල්පේ පදිංචි බුද්ධික සෙනරත් ජයවර්ධන නමැති සැකකරුවේ .
අමාත්‍යාංශයේ වාහනයක් අලුත් වැඩි වැඩියා කිරීම සඳහා තලපත්පිටිය ගරාජයකට ලබා දීමට තිබූ රුපියල් 312750.00මුදලින් සියයට දහයක කොටසක් වූ රුපියල් 32000.00ඉල්ලා ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .
තමන් කිසිදු අවස්ථාවක එවන් අල්ලසක් ඉල්ලා නොසිටි බව සැකකරු සිය නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට පැවසීය .

