(රෝෂන් තුෂාර)
අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (26)නියෝග කළේය.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් අනුව මෙම රතු වරෙන්තු නිකුත් කළේය.
මෙසේ රතු වරෙන්තු නිකුත් කරන ලද්දේ කල්එළිය,කලගෙඩි හේන වල ප්‍රදේශවල පදිංචිව සිට දැනට ඕස්ට්‍රේලියාව හා සිරියාවේ පදිංචි යැයි කියන පිය පුතු දෙපළට සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුටය.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය මගින් 2021 වසරේදී සැකකරුවන් දාසය දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම සැකකරුවන් අතරින් සිව් දෙනෙකුට මෙසේ රතු වරෙන්තු නිකුත් කළේය.
මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති අතර එම නඩුව මේ වන විට විභාග වෙමින් පවතී.
නඩුවේ පළමු, දෙවන ,නම වන සැකකරු හා දාසය වෙන සැකකරු මෙසේ විදේශගතව ඇති බවට දිවුරුම් පෙස්සමක් අධිකරණයට ඉදිරිපත් කරමින් සාක්ෂි දුන් විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේය.
මෙසේ රතු වරෙන්තු නිකුත් වූයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි යැයි කියන අහමඩ් කලිල් ලුක්මාන් තලීබ්,අහමන් ලුක්මාන්ඩ් හලීන්,අබ්දුල් බාහින් මොහොමඩ් ලෙබ්බේ සහ මොහොමඩ්පාහීර් රිපන් නමැති පුද්ගලයින් සිව්දෙනාටය.

