අර්බුදකාරී තත්වය සමනය වන තෙක් පාසල් විවෘත නොකරන්නැයි ඉල්ලයි


නාලක සංජීව දහනායක
 
ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය සමනය වන තුරු දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීම පිළිබඳව නැවත සිතා බලන ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අද (26) ඉල්ලීමක් කළේය.

රටේ ආරක්‍ෂාව සුරක්‍ෂිත වනතුරු පාසල් දරුවන් එළිමහනට කැදවීම අතිශයින්ම භයානක බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවද මන්ත්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින්, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කළේය.