රටේ අර්බුදයක් ඇති කිරීම අවශ්‍ය නැති බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියයි. පාර්ලිමේන්තුවේ දී බහුතරය ඇත්තේ කාටදැයි බලා ගත හැකි බව ද එ් මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩුවේ පක්ෂ කිහිපයක නියෝජිතයෝද මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටියහ.
ඡායාරූප - ඉෂාන් සංජීව