(රංජන් කස්තුරි)
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය.
මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ඊට විකල්පයක් ලෙස අර්තාපල් මිල් අඩු කිරීමේ අදහසින් බදුමිල පහත දැමූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැවසීය.
දේශීය අර්තාපල් අස්වනු වෙළඳසැළට ලැබෙන්නේ ලබන පෙබරවාරි මාසයේදී වන හෙයින් බදුමිල සංශෝධනය කිරීම ගැටළු සහගත නොවන බවද ලේකම්වරයා කීවේය.

