අර්ජුන් මහේන්ද්‍රන් නැතිව මහබැංකු නඩුව විභාගයට අවසර


(මනෝප්‍රිය ගුණසේකර)

මහ බැංකු බැඳුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ටෙශර සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සාක්කි මෙහෙය වන ලෙස පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නීතිපතිවරයාට නියම කළේය .

සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල සැඟව සිටින මෙම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව ඔවුන්ට එරෙහි නඩු භාගගය ආරම්භ කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකී රාජරත්න සභාපති දමිත් තොටවත්ත සහ නාමල් බලන්නේ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ඊයේ කැඳවන ලදී