
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරලියගහ මන්දිරය දොරටුව ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (1) දහවල් එකවරම ගිනිගෙන විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය කියයි
එහි පිටුපස ගමන් ගත් කාන්තාවක් ඇතුළු කුඩා ළමුන් තිදෙනෙක් ගින්නත් සමගම පිටතට පැන දිවි බේරාගෙන ඇත
කොළඹ දෙසට ඇතුළු වෙන මං තීරුවේ ධාවනය වෙමින් තිබූ තීරෝද රථය අරලියගහ මන්දිරිය ඉදිරිපස දොරටුව ඉදිරිපසින් ධාවනය වීමත් සමඟම එහි පිටුපස කොටසින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය කියයි
ගින්න හට ගැනීමත් සමගම කොළඹ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර ඇත
ත්‍රීරෝද රථය නාගවිල්ලුව පාලාවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් වන අතර කාර්මික දෝෂයක් ගින්නට හේතුව බවට සැකකරන බව පොලිස් නිලධාරියකු පැවසීය
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ

