
අරණායක ප්‍රදේශයක පාසලක දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු හයක සිසුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද (03) පස්වරුවේ පැවසීය.
නිවසේ සිටියදී ඇතිවු රෝගි තත්වයකට ප්‍රතිකාර ලබා ගැනිමට මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මෙම සිසුවාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයිද වෛද්‍යවරයා කීය.
මෙම සිසුවා කොවිඩ් ආසාදිතයෙකු ලෙස වාර්තාවීමත් සමග උස්සාපිටිය සුමංගල විදුහලේ 02 ඩි ශ්‍රේණියේ බාලක සිසුන්ට පාසලට පැමිණිම තාවකාලිකව නතර කිරිමට පියවර ගෙන තිබේ.

