(අංජුල මහික වීරරත්න)
රට යන ක්‍රමවේදය වෙනස් කළ යුතු යැයි සාමකාමී අරගලකරුවන්ගේ දැක්ම තමන් ද පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ක්‍රමවේද වෙනස ගැන සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට අරගල කරුවන්ට ඉඩ සලසන බව කී වැඩබලන ජනාධිපතිවරයා එකිනෙකාට විරුද්ධකම් කර රට විනාශ කරනවා ද? නැතිනම් සාමූහිකව වැඩ කර රට ගොඩගන්නවා ද? යන කාරණය දේශපාලන පක්ෂ විසින් තීරණය කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.
සියලු දෙනා එකතු වුවහොත් රට ගොඩනැගීමට වසර ගණනාවක් අවශ්‍ය නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
කොළඹ දී අද (18) විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.