(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදාවෙන් නිකුත් කරන ලද රාජකාරි හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකාර හමුදා සෙබළා සන්තකයේ තිබී සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකාර හමුදා සෙබළා පැලැන්වත්ත සහ පොල්කොටුව අතර මාර්ගයේ පාගමනින් පැමිණෙමින් සිටියදී පොලිස් ජීප් රථය නෙත ගැටීමත් සමගම ඔහුගේ ඉරියව් වෙනස් වීම සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාගේ අවධානය යොමු වීමෙන් පසු ජිප් රථය නවතා සැකකරු පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරු හමුදා සේවයෙන් ඉවත් වූවකු බව ප්‍රශ්න කිරීමේදී පැවසුවත් ඔහු සන්තකේ රාජකාරී හැඳුනුම්පත තිබු බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් යුද හමුදාවට දැනුම් දැනුම්දීමක් සිදුකර වැඩිදුර සොයා බලන බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති සනත් රංජිත් මහතා පැවසීය.