
(එම්.සුසිල් පියන්ත)
අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය සමග එක් තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
සැකකරු මේ මත් ද්‍රව්‍ය තොගය නිවසේ සිට යතුරු පැදියකින් රැගෙන යාමට සූදානම්වූ අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
සැකකරු අහුන්ගල්ල ගල්බොක්කේම පදිංචි විසි හැවිරිදි තරුණයෙකි.

