(සනත් ගමගේ)
ත්‍රී රෝද රථයේ ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැනක පැටලුනු පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.
නිවසේ නතර කර තිබෙන ත්‍රී රෝද රථයේ බැටරිය කිහිපවතාවක් සොරුන් ගලවා ගෙන යෑම හේතුවෙන් ත්‍රී රෝද රථය නතර කර තිබෙන කුඩා මඩුවේ වටා අනවසර විදුලි රැහැනක් නිවෙස් හිමියා ඇද දමා ඇත.
ත්‍රී රෝද රථය නතර කර තිබෙන ස්ථානයෙන් කිසියම් ශබ්දයවක් ඇසීම හේතුවෙන් නිවෙස් හිමියා පැමිණ බලන විට විදුලි රැහැනේ පුද්ගලයකු පැටලී සිටින බව දැක ඇත.
විදුලි රැහැනේ පැටලී විදුලිය වැදී ඇත්තේ තමාගේ සහෝදරයකු බව දැනගෙන වහා රෝගියා රෝහලට ඇතුල් කිරීමට උත්සාහ ගෙන තිබුන ද ඒ වන විටත් විදුලි සැරවැදුනු පුද්ගලයා මිය ගොස් සිටි බව වැඩිමහල් සහෝදරයා පොලිසියට පවසා ඇත.
මිය ගොස් සිටින පුද්ගලයා අම්බලන්තොට යාය 11 පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බවද මත් දව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයකු බවද පොලිසිය කියයි.

