අයවැය ලේඛනය යළි සභාගත කරන්න ආණ්ඩුකාරවරයා නියෝග කරයි


 ( ජේ.කේ.එල් චාමින්ද)


තංගල්ල නගර සභාවේ අයවැය  ලේඛනය  නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයා වෙත දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින්  නියෝග කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.


තංගල්ල නගර සභාවේ සභාපතිවරයා විසින් 2021 වර්ෂය සදහා වු අයවැය ලේඛණය ඉදිරිපත් කිරිමේ දි නගරසභා අඥාපනත හා උප නිති උල්ලංඝණය කොට ඇති  බවට අනාවරණය වි ඇති හෙයින් මෙම නියෝගය කර තිබේ.


සභාපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාගේ නියෝගය  අනුව කටයුතු නොකළහොත් පළාත් පාලන පනතේ 184 වගන්තිය  අනුව  විනයානුකුලව කටයුතු කිරිමට  කටයුතු කරණ බවද ආණ්ඩුකාරවරයා  විසින්  සභාපතිවරයාට  ලිඛිතව දන්වා ඇත.


තංගල්ල නගර සභාපති රවිදු දිල්ෂාන්වෙදආරච්චි මහතා විසින් 2021 වර්ෂය සදහා  ඉදිරිපත් කළ අයවැය ලේඛනය සදහා  මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිම පරිදි  ඡන්දවිමසිමක් ලබානොදිම පිළිබද ආණුඩුකාරවරයාට ලැබුණු   පැමිණිල්ලකට අනුව මේ පිළිබද මුලිකවිමර්ශනයක් කොට මෙම නියෝගය නිකුත් කොට ඇත.


නගර සභා ආඥාපනත හා සභාවේ උප නිති යටතේ  නැවත අයවැය  ලේඛනය තංගල්ල නගර සභාව වෙත ඉදිරිපත්කොට  මෙම මස 31 වැනිදිනට පෙර විදිමත් අයුරින් සම්මත කරගන්නා ලෙස සභාපතිවරයා වෙත දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින්  නියෝග කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.නගර සභාවේ සභාපතිවරයා විසින් නගරසභා අඥාපනත හා උප නිති උල්ලංඝණය කොට සැලසුම්සහගත ලෙස අයවැය සදහා ඡන්දයක් ලබානොදි මගහැරගොස් ඇති බව මුලික විමර්ශනයේ දි අනාවරණය වි ඇති බවද ආණ්ඩුකාර කාර්යාලය පවසයි.