අය වැය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණය ගනී


(අජන්ත කුමාර අගලකඩ)

ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි .

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට හෙට (27)ඉදිරිපත් කරනු ලබන අතර, මෙම ණය ලබා ගැනීම් යෝජනාව ද ඊට ඇතුළත් කර ඇත .

රජයේ වියදමට වඩා ආදායම අඩු වීම හේතුවෙන් මෙම ණය මුදල් ලබා ගැනෙනු ඇත . ලබන වසරේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් පමණ වන අතර ,ප්‍රාග්ධන වියදම රුපියල් රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාරසියයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.