අඹ ගොවියට අබ සරණයි:ගන්නේ 250ට:විකුණන්නේ 700ට


(චාපා මධුභාෂිණී)

අතරමැදි වෙළෙඳුන් උසස් තත්තවයේ ටොම් ජේ සී අඹ අඩු මිලට  ගැනීම හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ අඹ වගාකරුවෝ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

මේ වනවිට වෙළදපොලේ ටොම් ජේ සී අඹ රුපියල් 750 වැනි වැඩි මිලකට අලෙවි වුවද වෙළෙන්දන් ගොවීන්ගෙන්  අස්වනු රුපියල් 250 වැඩි ඉතා අඩු මිලකට මිලදී ගන්නා බවත් වගාකරුවන්ට නිෂ්පාදන වියදමක් හිමි නොවන බවත් ඔවුහු පවසති.

මැදිරිගිරිය, බකමූණ, හැගුරක්ගොඩ, අත්තනකඩවල, දිඹුලාගල, වැලිකන්ද, හබරණ වැනි ප්‍රදේශ රැසක ගොවි ජනතාව සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් අක්කර විශාල වශයෙන් මෙම  අඹ වගාව සිදු කර ඇත.

උසස් තත්වයේ අඹ පැලයක් රුපියල් 800 වැනි මිලකට මිලදී ගත්  අඹ පැල සිටුවා වසර 3 සම්පූර්ණ වන කාල සීමාව වනවිට අඹ පළදාව ඇති වන බව ගොවීහු පවසති. 

මේ දිනවල විශාල වශයෙන් අස්වනු නෙලෙමින් බවතින බවත් සිය නිවෙස්වලටම පැමිණ රුපියල් 200-250 වැනි මිලකට අස්වනු ලබා ගැනීමට වෙළදුන් පැමිණෙන බවත් කෙසේ හෝ අස්වනු ඉදි නාස්ති වීම වැලැක්වීම සදහා ඒ් මිලට හෝ අස්වනු ලබා දීමට තමන්ට සිදුව ඇති බව ඔවුන් කීය.

ඔවුන් අඩු මිලකට ගන්නා අඹ කි‌ලෝව රුපියල් 700 පමණ අලෙවි වීම දුටු විට  දැඩි සිත්වේදනාක් ඇති වූ බව ගොවීහු කියති.