අමාත්‍යාංශ ලේකම්වරු අලුතින් පත් කිරීමට යයි


(අජන්ත කුමාර අගලකඩ)

අමාත්‍යාංශ ලේකම්වරුන් අද (27) දිනයේ අලුතින් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුවක් ඊයේ (26) රාත්‍රීය වන විට සකස් කර තිබූ බවද ආරංචි මාර්ග වලින් පැවැසේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (27) දිනයේ නව ලේකම්වරුන් පත් කෙරෙනු ඇතැයිද වාර්තා වේ.