අම්බලන්ගොඩ ධීවරයෝ උද්ඝෝෂණයක


  (එම්.සුසිල් පියන්ත සහ ධර්මදාස සිරිවර්ධන)

හැඹිලි දැල් තහනම වහාම ඉවත් කරන ලෙස ඉල්ලා අද(17)උදේ ගාලු පාරේ අම්බලන්ගොඩ ධීවර මෝය කට ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණ.

මේ උද්ඝෝණය සඳහා අම්බලන්ගොඩ,බලපිටිය සහ ඒ අවට ධීවරයින් සහ ඔවුනගේ පවුල්වල සිය ගණනක් සහභාගීව සිටියහ.

හැඹිලි දැල් කර්මාන්තය මහ මුහුදේ මසුන් වදවී යාමට කිසිසේත්ම බල නොපාන බව තමන් වගකීමෙන් කියන බවද උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස් කීහ.

මේ තහනම නිසා පාරිභෝගිකයින්ට අඩුවට මාලු පාරිභෝජනයට අවස්ථාවක් නොලැබී යන බවද ඔවුහු කියති.