අම්පාර ලංගම ඩිපෝ ඉන්ජිනේරුවා සේවයෙන් ඉවතට


( වසන්ත චන්ද්‍රපාල)

ලංගම බස් රථ අලුත්වැඩියා කිරිමේ වැඩ සටහන යටතේ අම්පාර ඩිපෝවේ අංක 5430 බස් රථය අලුත්වැඩියා නොකර ඒ වෙනුවට එම අංකය 5432 බස් රථයට  දමා කොළඹට යැවිම පිලිබදව සිදුකරන ලද වංචාවට අම්පාර ඩිපෝ ඉන්ජිනේරුවා සේවයෙන් පහකල බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසිය.

ධාවනයට නොගන්නා බස් රථ අලුත් වැඩියා කිරීමේ වැඩ සටහන යටතේ අම්පාර ඩිපෝවේ 5430 බස් රථය අලුත් වැඩියා කිරීමට ලක්ෂ 20 ක ඇස්තමේන්තු මුදලක් අම්පාර ඩිපෝවෙන් ඉදිරිපත් කර තිබේ .

ඒ සදහා එම බස් රථයට  අවශ්‍ය භාණ්ඩ අම්පාර ඩිපෝව වෙත ලබාදි තිබියදිි එම භාණ්ඩ බස් රථයට  සවි නොකර  අලුත් වැඩියා කිරිමට තිබු බස් රථයේ  අංකය 5432 බස් රථයට සවි කර එම බස් රථය කොළඹට යවා තිබේ.

 මේ  පිලිබදව සේවකයින් විසින් කොළඹ ප්‍රධාන කාර්යාලය  දැනුවත් කිරීම සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක මහතා විසින් මාධ්‍යට මේ පිලිබදව ප්‍රකාශකයක් කර මෙම වංචාව හෙලි දරව් කරනු ලැබිය

එම හෙලිදරව්වෙන් පසුව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුනවර්ධණ මහතාගේ උපදෙස් අනුව අම්පාර ඩිපෝවේ ඩිපෝ ඉංජිනේරුවරයා සේවයෙන් පහකල බව අප කල විමසුමකදි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා පැවසිය.