(රංජන් කස්තුරි)
කොළඹ නගරයේ සිට රටේ අභ්‍යන්තර ස්ථානවලට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පෞද්ගලික දේශීය ගුවන් සමාගම්වලට අද (16) අවසර ලබා දී තිබේ.
ආරක්ෂක හේතූන් මත වසර 25 ක් තිස්සේ ජනාකීරණ කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සේවා කටයුතු තහනම් කර තිබූ අතර අද එම තහනම ඉවත් කර තිබේ.
ඒ අනුව ගාලු මුවදොර පිහිටි හෙලිකොප්ටර් ගොඩබෑමේ ස්ථානයේ සිට සංචාරකයින්ට අභ්‍යන්තර ගුවන් සේවා පහසුකම් සලසාගත හැකිය.
කොළඹ නගරයේ ප්‍රමුඛතම තරු පන්තියේ සංචාරක හෝටල්වලට සහ ගාලු මුවදොරට ආසන්නයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට නව ගුවන් පථයක් ඒ සඳහාම අලුතින් ඉදිකර තිබේ.
සංචාරකයින්ට එතැන් සිට මහනුවර , හම්බන්තොට , ගාල්ල , මාතර , යාපනය , සීගිරිය , ආරුගම්බේ සහ පොළොන්නරුව වැනි වැදගත් ස්ථානවලට එම ගුවන් සේවා පහසුකම් ලබාගත හැකිය.
මෙතෙක් ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා ලබාගත හැකි වුයේ රත්මලාන ගුවන්තොටුපලේ සිට වූ අතර ඒ සඳහා කොළඹ නගරයේ ලැගුම්ගෙන සිටින සංචාරකයින්ට පැයක පමණ කාලයක් ගෙවා එහි යෑමට සිදුව තිබිණ.
කොළඹ සිට අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමට දේශීය ගුවන් සමාගම් හතරක් ඉදිරිපත්ව තිබේ.
(ඡායාරූප- ඉෂාන් සංජීව)





