අපේ බීජ අපනයනයට සූදානම්


(අංජුල මහික වීරරත්න)

ඉතිහාසයේ පළමු වරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නාය.

ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩ ඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා ඉහල ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත් ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පෞද්ගලික  අංශය එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ  කර ඇත.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙතෙක් විවිධ බෝග වර්ග සදහා බීජ විදේශ රටවලින් මෙරටට ආනයනය කළ ද මේ වනවිටත් ලංකාවේ වගාවට ඉතාමත් උචිත බීජ නිෂ්පාදනය කෙරෙමින් පවතින බවයි.