අපේ කෙල්ලන්ගේ වැඩ බලන්න විසිදහසක් දඹුල්ලට


(කාංචන කුමාර අරියදාස)

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් අවසන් තරගය නැරඹීම සඳහා විසිදහසකට ආසන්න‍ ප්‍රේක්ෂක ජනතාව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත අද පස්වරුව වනවිට ළඟාවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පැවසීය.

කාන්තා ක්‍රිකට් තරගාවලියක් නැරඹීම සඳහා මෙතරම් විශාල ජනතාවක් පැමිණි පළමු අවස්ථාව මෙය බවත් චමරි අතපත් ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්ව එක දිගට දැක්වූ දක්ෂතාවයන් නිසා මෙතරම් ජනතාවක් පැමිණෙන්නට ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

ඇතැම් විට ලෝකයේ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹූ වැඩිම ප්‍රේක්ෂක ජනතාව මෙදින දඹුල්ලෙන් වාර්තා වන්නට ඇති බව ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලීමක් සිදුකළ යුතු යැයි සුජීවගොඩ ලියද්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට පෙර තරග සියල්ල අපරාජිතව පවත්වාගෙන යෑම මෙම තරග නැරඹීම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම රට මැද ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පිහිටා තිබීමේ නිසා මේ හා විශාල ජනතාවක් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙන්නට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.