(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවෙි වැඩ කරන මිනිස්සුන්ගෙන් බදු අයකරන ආණ්ඩුව චීනෙන් එන අයට බදු සහන දෙන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ කිසිම විනිවිද භාවයක් නැති වැඩ පිළිවෙලක් බවද මන්ත්‍රීවරයා කීය.
ලෝකයේම වරායවල් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තිබුනේ 123 වන ස්ථානයේ බවත් ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් එය 27 වන ස්ථානය දක්වා උඩට ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
චන්ද්‍රිකා සහ මහින්ද රාජපක්ෂ කඳවුර විසින් වරායේ පර්යන්ත තුනක් පිට රටවල් වලට දුන් නමුත් වරාය කාර්යක්ෂම අතින් දියුණු වුණේ නැතැයි කී මන්ත්‍රීවරයා පෞද්ගලික අංශයේ ආයෝජන වැදගත් බව පිළිගන්නා නමුත් ඊට ක්‍රමවේදයක් තිබිය යුතු බව සඳහන් කළේය

