(සුජිත් හේවාජුලිගේ )
මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඒ අපරාධයට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු ටිවිටර් පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුව පෙන්වා දෙන්නේ යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
හැට නව ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ , තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිතව අගමැති තනතුරට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීමෙන් රට සුරපුරයක් වනු ඇතැයි මහපාරට බැස අරගල කළ පුද්ගලයන් බලාපොරොත්තු වූයේ නම් මේ වනවිට මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරීම් ආරම්භ වී තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගෙවල් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණු බවත් තමාද එසේ මහමගට වැටුණු පුද්ගලයකු බවත් ඔහු පැවසුවේය.
කරාබු දාගත් රැවුල් වවා ගත් අයකරන අරගල ගැන තමාට ප්‍රශ්නයක් ඇතැයි පැවසූ විමලවීර දිසානායක මහතා මේ අය මේ රට ගෙනියන්න හදන්නේ කොතැනට දැයි සිහි බුද්ධිය ඇති සියලු දෙනා හොඳින් දන්නා බවද සඳහන් කළේය.