(සුජිත් හේවාජූලිගේ)
අපරාධකරුවන් වාර්ගීකරණය කර වෙන්කර රැඳවීමේ නව වැඩ පිළිවෙළක් සියලුම බන්ධනාගාරවල ළඟදීම අරඹන බව වන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
අපරාධකරුවන් කල්ලි ගැසී බන්ධනාගාරවල සිට අපරාධ මෙහෙයවීම වැළැක්වීම සඳහා තමා මේ වැඩපිළිවෙළ හඳුන්වා දෙන බව ද ඇමැතිවරයා කියයි.
සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය පානය කරන්නන් එකට රැඳී සිටිමේ අවස්ථාව මෙම නව වැඩපිළිවෙළ සමග අහෝසි වී යන බව රත්වත්තේ මහතා අනෙකුත් අපරාධකරුවන් ද විවිධ වාර්ගීකරණයන්ට යටත් කර වෙන් කර රැඳවීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

