අපරාධ කර රටින් පලා ගිය 129 කට රතු නිවේදන


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

එම පිරිස අතරින් 40 දෙනකු පමණ  මෙරට සිදු වූ  විවිධ මූල්‍ය අපරාධ,වංචා සඳහා  අවශ්‍ය කරන  පුද්ගලයන්  බව හෙතෙම කීය.

ඊට අමතරව වෙනත් අපරාධ සඳහා අවශ්‍ය කරන පුද්ගලයන්  87 දෙනෙකුට එරෙහිව අන්තර් ජාතික පොලිසිය හරහා  නිල්  නිවේදන නිකුත් කර ඇතැයි ද  මාධ්‍ය  ප්‍රකාශකවරයා වැඩිදුරටත්  සඳහන්  කළේය.