අනුරාධා හේරත් අගමැති විදේශ සබඳතා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට


 


 
( විනීතා එම් ගමගේ)
 
අග්‍රාමාත්‍ය විදේශ සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනුරාධා හේරත් මෙනෙවිය පත් කරනු ලැබ ඇත.
 
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරට කටයුතු කළ සමයේ දී ජනාධිපතිවරයාගේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ඇය 2013 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙසද කටයුතු කර ඇත.
 
ශ්‍රී  ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු  කළ අනුරාධා හේරත් ඇමරිකාවේ නිව්යෝක් හි පේස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරන්නීය.
 
ඇමරිකාවේ නිව්යෝක්හි කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිධාරිනියක වන ඇය ලුසියානා විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරිනියක ද වන අතර එහි ම යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා උපාධිධාරිනියක ද වේ.