(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික ජන බලවේගය සංවිධානයේ අධ්‍යාපනය සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (14) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදුකෙරිණි.
'රටම නැණවත් කරන අපේක්ෂාව' යන තේමාව යටතේ ඉදිරිපත් කෙරුණු ප්‍රතිපත්ති ප්‍රකාශය එහි සම්පාධක මණ්ඩලය නියෝජනය කරමින් කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි මහතා විසින් මෙහිදී ජාතික ජන බලවේගය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.
විශ්ව විද්‍යාලය අධ්‍යයනය ප්‍රජාව , පාසල් ගුරු වෘත්තීය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.




