
(ගයාන් සූරියආරච්චි)
බිරියගේ අනියම් සැමියා විසින් තියුණු ආයුධ පහරදී නීත්‍යානුකූල සැමියා ඊයේ (23) ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 42 වයසැති රාගම නරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
එම ඝාතනය සම්බන්ධයෙන් අනියම් සැමියා සහ බිරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මරණ කරුගේ නරන්ගොඩපලුව නිවෙසට පැමිණ මෙම ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .

